ඔබ දන්නවාද ? මෙම තත්වයේදී ඔබගේ ආහාර මාර්ගය මගින් ඔබ පරිභෝජනය කරන ආහාර Alcohol බවට පත් කෙරේ.
මෙය සිදුවන්නේ ආහාර මාර්ගය ආශ්‍රිතව වර්ධනය වන දිලීර වර්ගයක් නිසායි. මෙහිදී වැඩිපුරම කාබෝහයිඩ්රේට් (බත්/ පිටි ආහාර) Alcohol බවට පත් වේ.
මත් වෙනවාද ?
ඔව් ඔබ කාබෝහයිඩ්රේට් සහිත ආහාර ගත් විට, එමගින් Alcohol නිපදවන නිසා ඔබ මත් වීමකට ලක්වේ.
මෙම තත්වය ඇති වීමට බලපාන කරුණු මොනවාද ?
තරබාරු බව
Crohn’s disease නම් රෝගය
Irritible Bowel Syndrome නම් රෝගය
ප්‍රතිශක්තීකරන පද්ධතිය දුර්වල වීම
වෙනත් රෝග ලක්ෂණ මොනවාද ?
සිහිකල්පනාව අඩු කම (brain fog)
අධික සතුටු බව හෝ දුක බව
කටහඩ පැටලීම
ක්ලාන්ත ගතිය
හිසේ කැක්කුම
මතකය අඩු වීම
හදුනාගන්නේ කොහොමද ?
මෙය දුර්ලභ තත්වයක් නිසා බොහෝවිට රෝගය හදුනාගැනීම මගහැරේ.
නමුත් වෛද්‍යවරුන්ට ඔබගේ ආහාරමාර්ගයේ දියර පරීක්ශාවෙන් හෝ මලපහ පරීක්ෂාවෙන් හෝ කාබෝහයිඩ්රේට් බහුල ආහාරයකට පසු ඔබගේ රුධිර Alcohol මට්ටම පරීක්ෂාවෙන් මෙම තත්වය හදුනාගත හැකිය.
ප්‍රතිකාර ක්‍රම මොනවාද ?
කාබෝහයිඩ්රේට් (සරල සීනී) සහිත ආහාර අවම කිරීම
Antifungal ඖශධ භාවිතය
දියවැඩියාව හෝ අනෙකුත් රෝග තත්වයන් පාලනය
ශරීර බර අඩු කරගැනීම