වෛද්‍ය දැනුමෙන් පිරිපුන් අපේම ලාංකිකයන් තැනීම සඳහා
  • 11 Sassen gefällt das
  • 22 Beiträge
  • 2 Fotos
  • 0 Videos
  • Other
Jüngste Beiträge
  • කන්‍යා පටලය ගැන ඇත්ත දැන ගන්න
    බොහෝ දෙනෙක් කන්‍යා පටලය හා කන්‍යාභාවය පිළිබඳ ලිපියක් පල කරන ලෙස ඉල්ලා එවා තිබුණා. ඒ වගේම මේ සම්බන්ධව මිථ්‍යා මත රැසක් තිබෙන නිසා කන්‍යා පටලය පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සඳහා මේ ලිපිය යොදා ගන්නම්. ගැහැණු දරුවෙකු උපදින විට යෝනි මාර්ගයේ පිටත කෙළවරට මදක් ඇතුළතින් තුනී පටලයක් හඳුනා ගන්න පුළුවන්. මෙය කන්‍යා පටලය (Hymen) ලෙස හඳුන්වනව. මානව පරිනාමයේදී මෙම කොටසට වෙන් වූ...
    0 Kommentare 0 Anteile 14803 Ansichten
  • ගර්භණී සමයේ උදරයේ ඉරිතැලීම් ඇති වෙලාද?
    ගර්භණී කාලයේ දී උදරයේ ඇති වෙන stretch marks සමහර විට බොහෝ කාලයක් නො මැකී තිබෙන්න පුළුවන් නිසා මේවා කාන්තාවකගේ රූපලාවණ්‍යයට ගැට‍ළුවක් විය හැකියි. මෙම කැලැල් ඇතිවීම ගැන සහ ඊට විසඳුම් ගැනයි මේ ලිපියෙන් තොරතුරු ගෙන එන්නෙ. ගර්භණී කාලයේ බබා ටිකෙන් ටික වර්ධනය වීමත් සමග ගර්භාෂය ප්‍රමාණයෙන් විශාල වන විට උදර බිත්තිය ඇදීමට ලක් වෙනවා. මේ නිසා සම මතුපිටට පහලින් ඇති ස්තරයේ ඉරි තැලීමක් මෙසේ...
    Like
    1
    0 Kommentare 0 Anteile 20004 Ansichten
  • තයිරොයිඩ් හෝමෝන ගර්භණී මවකට බලපාන හැටි
    අපේ ගෙල ඉදිරිපස ඇති කඩා තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් නිපදවන හෝමෝන සිරුරේ ක්‍රියාකාරිත්වයන් විශාල ප්‍රමාණයකට දායක වෙන අතර තයිරොයිඩ් හෝමෝන මට්ටම අඩු වීම වගේම වැඩි වීමත් ශරීරයට හිතකර නැහැ. ඉන් ගැබිනි මවට මෙන්ම කුස තුල සිටින දරුවාටත් බලපෑම් ඇතිවෙන නිසා ගර්භණී කාලයේ තයිරොයිඩ් හෝමෝන මට්ටම ප්‍රශස්ත ලෙස පවත්වා ගැනීම ඉතා වැදගත් වෙනව. තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩු වීම...
    0 Kommentare 0 Anteile 22397 Ansichten
  • නූපන් දරුවාට හානි කරන රුබෙල්ලා වෛරස ආසාදනය
    රුබෙල්ලා කියන්නෙ වෛරසයක් මගින් බෝවෙන රෝගයක්. ජර්මන් සරම්ප කියල කියන්නෙත් මේ රෝග තත්වයට මයි. රුබෙල්ලා ආසාදනය වෙනත් වෛරස ආසාදන වගේ ගැබිනි මවගේ සෞඛ්‍යයට එතරම් හානිකර වෙන්නෙ නැහැ.  සාමාන්‍ය සෙම්ප්‍රතිශාව උණ තත්වයක් ලෙස මෙය වැලඳෙන්න පුළුවන්. ඉන් පසු සමේ සරම්ප වැනි ලප මතු වීමට ඉඩ තිබෙනව. බොහෝ විට මෙය ඉබේම දින 7 - 10 අතර කාලයක් තුල සුව වෙන අතර උණ සහ අනිකුත් රෝග ලක්ෂණ පාලනය කර ගැනීමට...
    0 Kommentare 0 Anteile 22637 Ansichten
  • ඔබේ ඇඟෙත් මෙවැනි ලප තියෙනවද?
    මෙවැනි ලප කැලැල් ඔබේ සිරුරේ දුටුවහොත් ඔබ බොහෝ වෙලාවට සිතනු ඇත්තේ එය සුළු දද කුෂ්ඨ රෝගී තත්ත්වයක් හෝ අළුහම් තත්ත්වයක් ලෙස නොවේ ද? එයට හේතුව ලංකාව තුළ ලාදුරු නිසා හටගන්නා ලප කැලැල් අප නො දකිනා තරමටම රෝගය සාර්ථකව පාලනය කර තිබීමයි. නමුත් මෑතක සිට ලංකාවේ ලාදුරු රෝගීන් වාර්තා වීම වැඩිවීමත් සමග, මෙවැනි ලප කැලැල් ලාදුරු රෝගය නිසා ද ඇතිවිය හැකි බව යලිත් මතක් කර ගැනීම අත්‍යාවශ්‍ය වනවා....
    0 Kommentare 0 Anteile 28520 Ansichten
  • මේ දවස්වල පැතිරෙන ඇස් ලෙඩ
    මේ දිනවල පාසල් දරුවන් අතර විශේෂයෙන් පැතිර යන වෛරස ඇස් ආසාදනය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී තිබෙනවා. වෛරසයක් මගින් ඇතිවෙන මෙම බෝවෙන අක්ෂි රෝගය ( Viral Conjunctivitis) "ඇස් ලෙඩ", "ඇස් අමාරුව" වැනි වචනවලින් පොදුවේ අපි හඳුන්වනවා. ඇසේ අපිට පෙනෙන සුදු පැහැති කොටසේ පිටතින්ම පිහිටි පටලමය ස්ථරය මෙහිදී ප්‍රදාහයට ලක්වෙනවා. සාමාන්‍යයෙන් මෙය මුලින් එක් ඇසකට වැළඳී පසුව අනිත් ඇසටත් පැතිර...
    0 Kommentare 0 Anteile 26866 Ansichten
  • ඩෙංගු මාරාන්තික කරවන මොනාද මේ NSAID
    ඩෙංගු උණ නිසා ඇතිවන තද උණ රෝගී තත්ත්වය , අධික ඇඟපත වේදනාව සහ හිසේ කැක්කුමට ප්‍රතිකාරයක් විදිහට සමහර පුද්ගලයින් පැරසිටමෝල් වලට අමතරව NSAID (Non Steroidal Anti Inflammatory Drugs - ස්ටෙරොයිඩ් නොවන ප්‍රති-ප්‍රදාහ ඖෂධ) කාණ්ඩයට අයත් වේදනා නාශක භාවිතා කිරීමට පුරුදු වී සිටිනවා. මෙය ඉතාමත් දරුණු වරදක් වන අතර දැනට පවතින ඩෙංගු වසංගත තත්ත්වය හමුවේ මෙම NSAID ඖෂධ කාණ්ඩයට අයත් වේදනා නාශක භාවිතා...
    0 Kommentare 0 Anteile 27774 Ansichten
  • ගබ්සාවීමට හේතු
    මුත්‍රා පරීක්ෂාවක් මගින් තහවුරු කර ගත් සෑම ගැබ්ගැනීම් 8 කටම එකක් ගබ්සාවීමට ලක් වෙනව. මෙවැනි අත්දැකීමට මුහුණ දෙන බොහෝ දෙනෙක් අසන ගැට‍ළුවක් තමයි ඊට හේතුවෙන කාරණා මොනවාද යන්න. ගබ්සාවීම් වලින් වැඩි ප්‍රතිශතයක් සිදු වෙන්නෙ ගර්භණී සමයේ මුල් මාස තුන තුලයි. ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එක්වීමෙන් ඇති වෙන යුක්තාණුව ගර්භාෂය තුල තැන්පත් වීමෙන් පසු කලලයක් ලෙස වර්ධනය වෙනව. මෙම ක්‍රියාවලිය...
    0 Kommentare 0 Anteile 35657 Ansichten
  • තට්ටම් හැඩය කියන සුව රහස්
    තට්ටම් ප‍්‍රදේශය හුදෙක් සමස්තයක් වශයෙන් ගත් කල ශරීරයේඑතරම් වැදගැම්මක් නොපෙන්වන කොටසක් තමයි. ඒත් මේ තට්ටම් ප‍්‍රදේශය ඔබේ සෞඛ්‍යය ගැන යම් ඉ`ගි ලබාදීමෙහිලා සමත් බව වාර්තා වී තිබෙනවා. මහත තට්ටම් තිබෙන අයගේ බුද්ධි මට්ටම ඉහළ පරාසයක් ගන්නා බව එක්තරා අධ්‍යයනයකින් සනාථ වී තිබෙනවා. එම ස්ථාන වල තැන්පත් වන මේදය සුලබව ඔමේගා - මේද අම්ලයෙන් සමන්විත වන බවත් එම සුවිශේෂී මේද අම්ලය මොළයේ...
    0 Kommentare 0 Anteile 36617 Ansichten
  • හදිසි උපත් පාලන පෙති ගැනීමේදී වරදින තැන් 7 ක්
    හදිසි ගැබ් ගැනීමක් වළක්වා ගන්න ලබා ගන්නා levenogestrel (Postinor) ඖෂධය ලංකාවේ බහුලව භාවිතා වෙනව. නමුත් වෛද්‍ය වරුන් ඇතුළුව බොහෝ දෙනෙක් මෙම ඖෂධය ක්‍රියාකරන ආකාරය සහ එය අසාර්ථක වෙන අවස්තා ගැන හරියටම දැනුවත් නැති නිසා බොහෝ දෙනෙක්ට මෙම ඖෂධය ආරක්ෂිතව ලබා ගන්න හැකියාවක් නැහැ. මීට පෙර ලිපියක් මගින් අපි හදිසි ගැබ් ගැනීමක් වළක්වා ගන්න ක්‍රම පිළිබඳව ඔබව දැනුවත් තිබෙනව. මේ...
    0 Kommentare 0 Anteile 39966 Ansichten
Mehr Artikel