තට්ටම් ප‍්‍රදේශය හුදෙක් සමස්තයක් වශයෙන් ගත් කල ශරීරයේ
එතරම් වැදගැම්මක් නොපෙන්වන කොටසක් තමයි. ඒත් මේ තට්ටම් ප‍්‍රදේශය ඔබේ සෞඛ්‍යය ගැන යම් ඉ`ගි ලබාදීමෙහිලා සමත් බව වාර්තා වී තිබෙනවා. මහත තට්ටම් තිබෙන අයගේ බුද්ධි මට්ටම ඉහළ පරාසයක් ගන්නා බව එක්තරා අධ්‍යයනයකින් සනාථ වී තිබෙනවා. එම ස්ථාන වල තැන්පත් වන මේදය සුලබව ඔමේගා - මේද අම්ලයෙන් සමන්විත වන බවත් එම සුවිශේෂී මේද අම්ලය මොළයේ සුවසෙතට හිතකර සේ බලපවත්වන බවත් හෙළිදරව්ව තිබෙනවා. එසේම මේ මහත තට්ටම් ඇති කාන්තාවන් දිගාසිරි ගත කරන බව හාවර්ඞ් සරසවි අධ්‍යයනයකින් සනාථ වී තිබෙනවා.
තට්ටම් ප‍්‍රදේශය නිමැවී තිබෙන්නේ පේශි කාණ්ඩ තුනකින්.

ඒවා ග්ලූූටස් පේශි ලෙස දැක්වෙනවා. ග්ලූටස් මැක්සිමස් තමා පශ්චාත්භාගයේ පරිමාව වැඩි කරන පේශිය. ඉ`ග ආසන්නයෙන් ග්ලූටස් මීඩියස් පේශියද ඒ පේශි දෙක අතරේ ග්ලූටස් මිනිමස් පේශියද පිහිටා තිබෙනවා. ශරීරයේ මේදය තැන්පත් වන ආකාරය සැළකූ විට මූලික වශයෙන් මේදය තැන්පත් වන ආකාර දෙකක් තිබෙනවා. එකක් තමයි උදරයේ මේදය තැන්පත් වීම. එය හොඳ නෑ. එයින් හෘද රෝග වගේ ගැටළු ඇති වෙනවා. අනෙක අප මේ කියන තට්ටම් වල මේදය තැන්පත් වීම නිසා සෞඛ්‍ය අවදානමක් ඇති වෙන්නේ නෑ. කාන්තාවන්ගේ ලාක්ෂණික හෝමෝනමය ක‍්‍රියාකාරිත්වය නිසා ඇගේ තට්ටම් ආශ‍්‍රිතව මේදය තැන්පත් වීම වැඩියි. එයින්නි තැනින්ම ඇයට රැකවරණයක් සැලසෙනවා. තවත් කාරණයක් විශාල තට්ටම් ඇති අයගේ කොලෙස්ටරෝල් අගයන් බොහෝ විට නිරෝගී මට්ටමක තිබෙන බවත් අනාවරණය වෙනවා. එසේම මේ අයට දියවැඩියාව හා හෘද රෝග ඇති වීමේ අවදානම අඩුයි. තට්ටම් වල මේදය තැන්පත් වීමට ඔමෙගා -3 මේද අම්ලය අවශ්‍යයි. මේ තට්ටම් ආශ‍්‍රිත මේදය තැන්පත් වන අයගේ මොළයේ ක‍්‍රියාකාරිත්වයත් හොඳ මට්ටමකින් සිදු වෙනවා. ඒ අය සාමාන්‍යයෙන් බුද්ධි මට්ටමෙන් සුවිශේෂතා පෙන්වනු දැකිය හැකියි. මේ බව ඔක්ස්ෆඞ් සරසවියේ මහාචාර්ය කොන්ස්ටන්ටිනෝස් මැනොලොපෝලොස් ප‍්‍රමුඛ පර්යේෂකයන් කණ්ඩායමක් ප‍්‍රකාශ කර සිටිනවා.

හැඩය අනූව තට්ටම් ගැන කියන කතා මේ අයගේ ඉන ආශ‍්‍රිත මේදය තරමක් වැඩියි. ග්ලූටස්පේශි එතරම් ශක්තිිමත් වීමක් එතරම් දක්නට නෑ. ග්ලූටස් පේශිවලට ව්‍යායාම ලබාදීමෙන් මේ අයගේ ශරීරය වඩාත් නිරෝගී කරගැනීමට අවස්ථාවක් තිබෙනවා.

රවුම් හැඩය -මෙය නිරෝගී හා සෞඛ්‍යසම්පන්න හැඩයක් සේ සැළකෙනවා. ග්ලූටස් පේශි වල ඉහළ ස්ථරයේ ඒකරාශී වන මේදය මගින් මේ හැඩය ඇති කරනවා. මේ අයට අවශ්‍ය නම් හැඩය අඩු කරගැනීමට සුළු ව්‍යායාම
සෑහෙනවා. 

හදවත හැඩය - මෙය තමයි වඩාත් අලංකාරවත් තට්ටම් ආකාරය. වැඩි වශයෙන් මේදය පහතට වෙන්නට ඒකරාශී වෙනවා. මේ හැඩයට තට්ටම් තිබෙන විට කලවා ආශ‍්‍රිතවද මේදය සුලබව තැන්පත් විය හැකියි. කාන්තාවන් වයසට යන විට මේ මේදය ඉක්මණින් දිය වෙනවා.


V හැඩැති තට්ටම් - වයසට යන විට බොහෝ කාන්තාවන්ගේ තට්ටම් ගන්නා හැඩය මෙයයි. පහතින් ඇති මේදය වෙනත් අවයව කරා පරිවහනය වීමෙන් මේ හැඩය ලැබෙනවා. මේ හැඩය කෙසේ වෙතත් හදවත සුවසෙත විෂයෙහි යම් අවදානමක් ඇති කරවන හැඩයක් බවත් වාර්තා වෙනවා. මේ  ඕනෑම හැඩයක් දරණ තට්ටම් ව්‍යායාම මගින් සවිමත් හා නම්‍යශීලී කරගත හැකි බවත් අප අමතක නොකළ යුතුය

වෛද්‍ය ශාඛ්‍ය අමරසේකර