🔅 අක්මාව යනු උදර කුහරයේ (Abdomen) දකුණු පස ඉහලින් පිහිටලා තියන අවයවයක්. එකේ ප්රධාන කාර්යයන් වෙන්නේ,
1️⃣ විෂ රසායනික ද්රව්ය ඉවත් කිරීම
2️⃣ ආහාර වල පෝෂ්ය පදාර්ථ නැවත සකස් කිරීම
🔅අක්මාවේ තෙල් (මේදය) තැන්පත් වීම කියන්නේ (Fatty liver disease / Steatosis ) අසාමාන්ය ලෙස අක්මා සෛල වල මේදය තැන්පත් වීම. මෙය ඉතා සුලබ තත්වයක්. නමුත් අක්මාවේ මුලු ස්කන්දයෙන් 10% කට වඩා මේදය තැන්පත් වීම ඔබට ඉදිරියේ සංකූලතා බොහොමයක් ඇති වීමට හේතු වෙන්න පුලුවන්.
🔅 අක්මාවේ තෙල් (මේදය) තැන්පත් වීම සාමාන්යයෙන් අක්මාවට හානිකර නොවේ. නමුත් සමහර අවස්ථා වල එය අක්මාවේ ඉදිමීම (inflamation of the liver) වැනි තත්වයක් ඇති කල හැකියි. අක්මාවේ ඉදිමීම ඇල්කොහොල් භාවිතය නිසා (Alcoholic steaohepatitis) ඇතිවෙන්න පුලුවන්. ඇල්හොහොල් භාවිතයක් නැතුව වුවත් මෙම තත්වය ඇති වෙන්න පුලුවන්. (Non alcoholic steatohepatitis)
🔅 මෙම තත්වය සිරෝසිස් රෝගය දක්වා වර්ධනය වීමේ හැකියාවක් තිබෙනවා.
✳️ අක්මාවේ තෙල්(මේදය) තැන්පත් වීමට හේතු
🔅 අධික කැලරි සහිත ආහාර ගැනීම ( අතිරික්ත කැලරි මේදය ලෙස අක්මාවේ තැන්පත් වේ)
🔅 ඇල්කොහොල් භාවිතය
🔅 ඉක්මනින් ශරීර බර අඩු කරගැනීම
🔅 මන්දපෝෂණය
✳️ අවදානම් පුද්ගලයින්
🔅 අධිබර පුද්ගලයින්
🔅 තරබාරුබව පුද්ගලයින්
🔅 ට්රයිග්ලිසරයිඩ මට්ටම වැඩි පුද්ගලයින්
🔅 මෙටබොලික් රෝගය සහිත පුද්ගලයින් (දියවැඩියාව + අධිරුධිර පීඩනය + තරබාරු බව)
✳️ අක්මාවේ තෙල්(මේදය) තැන්පත් වීමේ රෝග ලක්ෂණ
🔅මුල් අවධියේ සාමාන්යයෙන් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි.
🔅පසු කාලීනව අධික තෙහෙට්ටුව, බර අඩු වීම, ආමාශය ආශ්රිත අසහනය, මනස ව්යාකූල වීම
✳️ අක්මාවේ තෙල්(මේදය) තැන්පත් වීම හදුනාගන්නේ කෙසේද ?
🔅 ලිවර් ෆන්ශන් ටෙස්ට් (LFT) රුධිර පරීක්ෂාව මගින්
🔅 Ultrasound ස්කෑන් පරීක්ෂාව මගින්
🔅 CT ස්කෑන් පරීක්ෂාව මගින්
🔅 MRI ස්කෑන් පරීක්ෂාව මගින්
✳️ මෙම තත්වය ඇතිවීම වලක්වාගන්නේ කොහොමද ?
🔅ශරීර බර අඩු කරගැනීම
🔅මේද බහුල ආහාර නොගැනීම
🔅ඇල්කොහොල් භාවිතය නතර කිරීම
🔅සමබල සෞඛ්යමත් ආහාර වේලක් ගැනීම
🔅දිනපතා ව්යායාම වල නිරත වීම
✳️මෙම තත්වයට ඇති ප්රතිකාර ක්රම මොනවාද ?
🔅මෙම තත්වයට භාවිතා කල හැකි ඖෂධ පිලිබදව වෛද්යවරුන් පර්යේෂණ බොහොමයක් පවත්වාගෙන යමින් පවතී.
✴️ වැදගත්ම දේ වන්නේ මෙම තත්වය වැලැක්වීමට ඉහත සදහන් කල ක්රමවේද අනුගමනය කිරීමයි.