දියවැඩියාව ඇති පුද්ගලයින්ගේ පාදවල ගැටළු ඇතිවීමේ අවදානමක් ඇත.ලංකාවේ දත්ත වලට අනුව දියවැඩියා රෝගීන්ගෙන් 50% පමණ දියවැඩියා පාද රෝගීන් දුක්විඳියි .එසේම පාද ඉවත් කිරීමේ සැත්කම් සියයට අනුවක් දියවැඩියා සංකූලතා නිසා කරන බව ඔබ දන්නවද????
ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු දෙකක් ඇත.
දියවැඩියාව ඇති විට එය ස්නායුවලට බලපායි. එමගින් ඔබගේ කකුලේ දැනීම් අවම කරයි. සංවේදීනය නොදැනීමත් සමඟම ඔබට කුඩා ගල් කැටයක් පෑගුනත් එය නොදනී යයි.. එවන් දෙයකින් ඔබගේ කකුලේ සුළු තුවාලයක් ඇතිවිය හැක. ඒ හරහා විසබීජ ගොස් අවසානයේ දී හොඳ නොවන තුවාලයක් දාක්වා හෝ කකුල් කපන තත්වයට පත් විය හැක. එසේම පාදයට ලේ ගමනය අඩු වීමද සිදුවෙයි .
------------------------------------------------------------------------
ඔබට දැනෙන ලක්ෂණ
කකුල හිරිවැටීම
කකුලේ දැ නීම නැති වීම
හොඳ නොවන තුවාල පැවතීම
කකුල්ට දහඩිය නොදැමීම
-------------------------------------------------------------------------
ඔබ කළ යුත්තේ කුමක්ද
දියවැඩියාව ඇති ඔබ ඔබගේ කකුල් ඇස් දෙක
වගේ රැක ගත යුතුය.
දිනපතා එයට වතාවත් සිදු කළ යුතුය. දවසට
දෙවතාවක් හොඳින් කකුල් සෝදන්න.
සේදීමේදී සබන් යොදා නිවුණු උණුවතුරෙන්
සෝදා පිසදා හරින්න.
ගල් තැලුම් පවතී නම් කිසි විටෙක ඔබ විසින්
එය කපා ඉවත් නොකළ යුතුය.
Moisturisure/ vasliline ්‍රීම් භාවිතා කළ හැක.
දිනපතා කකුලේ තුවාල සීරීම් තිබේදැයි
පරික්ෂා කර බලන්න .
කිසිම විටක පාවහන් නොමැතිවව
නොසිටින්න.
ඇඟිලි පුරුක් අතර පරික්ෂා කරන්න
නියපොතු කණු හම කපා නොගෙන
පිළිවෙලකට කපන්න
කුඩා හෝ තුවාලයක් ඇති වූ විට එයට නිසි
වෛද්‍ය ප්‍රතිකාරයක් ගන්න
තමාගේ පාදයට ගැල ගැලපෙන පාවහන්
යුගලක්ක් භාවිතා කරන්න
ඔබට දියවැඩියා රෝගීන් සඳහාම සැකසුණු
පාවහන් මිලදී ගත් හැක
මෙයාකාරයෙන් සුපරික්ෂාවෙන් සිටියොත් ඔබට ඔබගේ දෙපා දෙක රැකග ගත හැක.
දියවැඩියා ඖෂධ නිසි ලෙස භාවිතා කරන්න.
ඔබගේHbA1c අගය 7% ට අඩුවෙන් තබා ගන්න.
වෛද්ය්වරයෙකුගේ අනුමතැතියක් තොරව බෙහෙත් භාවිතා නොකරන්න .
දුම් පානය හා මත්පැන් පානය නවත්වන්න.
.
------------------------------------------------------------------------
කකුල් හිරි හිරිවැටීමට ඇති ප්‍රතිකාර මොනවාද
නිසි ලෙස සීනි පාලනය මගින් හිරිවැටීම
පාලනය කරගත හැක.
වෛද්‍යවරුන් විසින් විටමින් b කාණ්ඩයේ
ඖෂධ ස්නායු ් රතිකාර physiotherapy
නිර්දේශ කරනු ලැබේ ....
කායික රෝග විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර